ආදිවාසීනුත් අර්බුදයට

බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා.

ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව මෙම තත්ත්වයට පත්ව ඇතැයි ඔහු කියනවා. වැදි පවුල් 110ක් පමණ මෙම ගම්මානයේ ජීවත්වන බවත් තරුණ තරුණයන් කිසිවෙකුටත් කිසිදු රැකියාවක් හෝ අඩුම තරමින් කුලී වැඩ පවා මේ දිනවල නොමැති බවද පැවසූ ඔහු ඒ නිසා දිනකට එක ආහාර වේලක් පවා සොයාගැනීමට නොහැකිව සිටින බව පවසනවා.

පවතින ආහාර හිඟය නිසා දරුවන් පාසල් යෑම නවතා දැමීමට කටයුතු කර ඇති අතර ඇතැම් දරුවන් හා ගැබිනි මවුවරුන් මන්දපෝෂණයෙන් පෙළෙන බව සුදා වන්නිලඇත්තන් කියනවා. ආදිවාසී ජනතාවට ගොවිතැන් සිදු කිරීමට පොහොර හා ඉඩම් ප්‍රශ්නය උග්‍ර ව බලපා තිබෙන නිසා ගොවිබිම් සියල්ල වියැලෙමින් තිබෙන බව ද ආදිවාසී නායකයා සඳහන් කරනවා.

POPULAR

Recent articles