”විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය භාගයක් අඩුකරන්න පුළුවන්” – කංචන විජේසේකර

ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් ඇමතිවරයා කියා සිටිනවා. ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ සේවකයන්ගේ කාර්යක්ෂතාව වැඩි කිරීමෙන් මෙය සිදුකළ හැකි බවයි. අකාර්යක්ෂම සේවකයන් හේතුවෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවත් ඔහු වැඩි දුරටත් පවසනවා.

ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් ‌තොග ගබඩා පර්යන්තයේ කාර්යක්ෂම සේවකයන් සිටියත් බහුතරයක් අකාර්යක්ෂම බවත් ඔහු කියා සිටිනවා. සියලු රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවත් අකාර්යක්ෂමතාව, දේශපාලන තීරණ, දේශපාලන පත්කිරීම්, අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් මෙම ආයතන පහතට වැටී ඇති බවත් ඔහු පවසනවා.

POPULAR

Recent articles