”තරගයට සූදානම් වෙන්නයි තියෙන්නේ” – වාසුදේව නානායක්කාර

ඉදිරි මැතිවරණයකදී මන්ත්‍රී විමල් වීරසිංහගේ සභාගය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදුකරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමඟ එක්වීමට තමන් කිසිදු අදහසක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

තම කණ්ඩායමේ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ හදිස්සි මැතිවරණයක දී සභාගය තරග කරන්න සූදානමක් තාම නැති බවයි පැවසුවේ.

“මැතිවරණයක දී තරග කරන්නේ කා සමඟද කියලා දැනට අපිට එහෙම තීන්දුවක් ගන්න බැහැ. අපි දැනට ඩලස්ගේ කණ්ඩායමත් එකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යි පවසන මන්ත්‍රීවරයා කියන්නේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සමඟ වන කණ්ඩායමත් තමන් මෙන්ම පොහොට්ටුවේ සිටි පිරිසක් බවයි.

“චන්ද්‍රකා මැතිනියත් ඉන්නවා, කුමාර වෙල්ගම මහත්තයාත් එක්ක. අපි තරගයට ගියාට පස්සේ පෙනෙයිනේ කොහොමද යන්නේ කියලා. තරගයට සූදානම් වෙන්නයි තියෙන්නේ” යි මන්ත්‍රීවරයා කියනවා.

POPULAR

Recent articles