ඉන්දියාවෙන් ඩොලර් මි. 55ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය

ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ඉන්දීය අපනයන – ආනයන බැංකුව මගින් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වනවා.

අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනුයි.

POPULAR

Recent articles