ආනයනික හාල්වල බැරලෝහ සොයා පරීක්ෂාවක්

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැරලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන සඳහන් කරන්නේ මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියදි පමණක් පරීක්ෂා කළ බවයි.

පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව ද ඔහු කියා සිටිනවා.

POPULAR

Recent articles