හාල්වලට විශේෂ බද්දක් ?

රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර කියා සිටිනවා.

රජය එවැනි බද්ධක් පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටීමෙන් රජය අමාරු තත්වයකට මුහුණදීමට සිදුවන බව කී ඔහු සහල් කිලෝවක් නිෂ්පාදන වියදම මීට වසර තුනට පෙර පැවතියා මෙන් පස්ගුණතික් ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දෙනවා.

එළඹෙන මහ කන්නයේදී වී වගාවට ගොවියා ඉදිමත් කිරීමට නම් නාඩු වී කිලෝවකට රුපියල් 150ක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බව කී ඔහු සඳහන් කළේ රට සහල් ගෙන්වීමට උත්සහ කරනවාට වඩා ගොවියා වගා කිරීමට උනන්දු කිරීම වැඳගත් බවයි.

නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (19) පස්වරුවේ මේ බව ප්‍රකාශ කර සිටියා.

POPULAR

Recent articles