දුෂ්මන්ත චමීරගෙන් විස්සයි විස්ස පිටියට නව වාර්තාවක්

ඊයේ (26) ඉන්දියාව සමග පැවැති දෙවන විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී එක් පිතිකරුවෙකුව වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නා ලෙස ඔහු අද ඉතිහාසයට එක් වුණා.

ඒ අනුව දුෂ්මන්ත චමීර විසින් රෝහිට් ෂර්මාගේ කඩුල්ල ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී 5 වතාවක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මීට පෙර කිසිදු පන්දු යවන්නෙකු විසින් එක් පිතිකරුවෙකුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී අවස්ථා 5ක් දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.

POPULAR

Recent articles