ආර්ථික අර්බුදය ජයගන්න මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා.

පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01හිදී පැවැත්වෙන මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසිනුයි.

මෙම වැඩමුළුවේ ප්‍රධාන සම්පත් දායක ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ වන අතර ඔහු රටවල් 36 ක ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයකු ලෙස කටයුතු කරනු ලබනවා.

එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

POPULAR

Recent articles