“උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශවල බස් ධාවනය කරන්නේ නෑ” – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පෞද්ගලික බස්රථ ධාවනය සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බවයි.

උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය විසින් මාර්ග බාධක යෙදූ පසු විකල්ප මාර්ගවල ගමන් කිරීම නිසා සීමිත ඉන්ධන ප්‍රමාණයද අවසන් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles