බොරතෙල්වලින් ඩොලර් මිලියන 73ක පාඩුවක්

අතරමැදි සමාගම් හරහා හදිසි මිලදීගැනීම් හරහා මෑතකදී මෙරටට ගෙනා රුසියානු බොරතෙල් නැව් 05කින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 73ක අලාභයක් සිදුව ඇති වාර්තා වෙනවා.

2022 අප්‍රේල් සිට ඇණවුම් කර ඇති මෙම බොරතෙල් තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ නළ පද්ධතියට මෙන්ම එහි සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාවටද තර්ජන එල්ලවී ඇති බවයි කියන්නේ.

සපුගස්කන්ද පිරිපහදුවට වඩාත් ගැළපෙන සහ සාධාරණ මිලකට ලෝක වෙළඳපොළෙන් මිලදීගත හැකි මර්බන් (Murban) නම් බොරතෙල් වර්ගය තිබියදී, නිලධාරීන් ඇණවුම් කර ඇත්තේ ඊට වඩා තත්ත්වයෙන් පහළ අගයක පවතින ‘සයිබීරියන් ලයිට්’ සහ ‘ඌරල්’ ඇතුළු බොරතෙල් වර්ග කිහිපයක් බවයි වාර්තා වන්නේ.

අඩු ප්‍රමිතියකින් යුතුබව කියන බොරතෙල් වර්ගය හේතුවෙන් පිරිපහදුවේ යන්ත්‍රසූත්‍ර හා නළ පද්ධතියට මෙන්ම සේවකයන්ගේ ආරක්ෂාවටද විශාල හානියක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles