කොතලාවල විශ්වවිද්‍යාලය හා රුසියානු තාක්ෂණික විශ්වවිද්‍යාලක් අතර අවබෝධතා ගිවිසුමක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ දෙරට අතර පවත්වාගෙන යන යහපත් සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම, ගුවන් හා ගඟන ඉංජිනේරු ක්ෂේත්‍රවල අධ්‍යයන හා පර්යේෂණ පැවැත්වීම සඳහා විද්වතුන් හා විද්‍යාඥයින් හුවමාරු කරගැනීම මෙන්ම එකී ක්ෂේත්‍රවල තොරතුරු, ශාස්ත්‍රීය ද්‍රව්‍ය, ප්‍රකාශන හුවමාරු කරගැනීම යන අරමුණු සහිතව මෙම අවබෝධතා ගිවිසුමට එළඹෙන බවයි.

අදාළ කැබිනට් තීරණය –

POPULAR

Recent articles