නැදුන්ගමුවේ රාජා දිවි ගමනට සමු දෙයි

දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා මියගොස් ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පවසනවා.

රාජා හස්තියා මියගොස් ඇත්තේ අද (07) අලුයම් කාලයේදී යි.

ඉන්දොයාවෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු නැදුන්ගමුවේ රාජා හස්තියා මියයන විට වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් රාජා 2006 වසරේ සිට ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරව නාමය දරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවා.

POPULAR

Recent articles