සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට ජනපති එකඟ වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට එකඟ වූ බව වාර්තා වෙනවා.

මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගීව එලියට පැමිණි හිටපු ජනාධිපති, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විසින්.

ඔහු පවසන්නේ සර්ව පාක්ෂික අනත්රවාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමඟද සාකච්ඡා කිරීමට අද (29) පවතී හමුවේදී ජනාධිපතිවරයා තීරණය කළ බවයි.

ඊයේ (28) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නම තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් වන සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර යන දෙදෙනාට ලබාදුන් රාජ්‍ය අමාත්‍ය ධුර ඉවත් කළ යුතු බවයි. එහෙත් ඉන් පය විසි හතරක් යාමටත් මත්තෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා ඇතුළු පිරිස අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට ගොස් තිබුණා.

POPULAR

Recent articles