පොලිස් ඉන්ධන හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.

පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබාදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු බවත්, අත්පිට මුදලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවයි.

POPULAR

Recent articles