අලුත් ඇමතිවරුන්ට වාහන 111ක්

අලුතින් පත්කළ රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්යය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික කාර්යය මණ්ඩලයක් හිමිවන බව පවසන මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් තිදෙනකුට රජය මගින් වාහන තුනක් ලබා දෙන බව පවසනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම් සහ තවත් එක් සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට යි.

POPULAR

Recent articles