“පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන්න” – කේ. ඩී. ලාල්කාන්ත

වගකීම් විරහිත දේශපාලනය නිසා රට ආර්ථික අර්බුදයක බවත් ආර්ථික අර්බුදය නිසා සමාජයම අර්බුදයක බවත් මේ දෙකම නිසා රට දේශපාලන අර්බුදයක පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු කියන්නේ මේ මොහොත වන විට මෙම අර්බුදයන් එකක් විසින් අනෙක් වර්ධනය කරමින් ඉදිරියට යන බවයි.

“වගකීම් විරහිත දේශපාලනය නිසා රට ආර්ථික අර්බුදයක. ආර්ථික අර්බුදය නිසා සමාජයම අර්බුදයක. මේ දෙකම නිසා රට දේශපාලන අර්බුදයක. දැන් මේ තුනම එකක් අනික වැඩිකරමින් ඉදිරියට යනවා. එය ගමන් කරන්නේ සර්පිලාකාර හැඩයකටය. ඒ කියන්නේ එන්න එන්නම අර්බුද විශාල වන අතර ඒවා ඉහළට යනවා කියන එක.

මෙය නතරකිරීමට නම් පළමුව දේශපාලන අර්බුදය නිමා කළ යුතුයි. විශ්වාසය විනාශ කරගත් පාර්ලිමේන්තුව ඇතුළේ ඔලුගෙඩි මාරු කිරීමෙන් එය කළ නොහැකි යි. වහාම පර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වා ජනතා විශ්වාසය සහිත අලුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමෙන් සමාජය ස්ථාවර කළ හැකියි. ආර්ථික ස්ථාවර භාවයක් ඇතිකර ගැනීම කළ හැකි වන්නේ එවිටයි. නමුත් මෙම කුණු වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකට සූදානම් නැහැ.

පාර්ලිමේන්තුව පටන්ගන්නා දිනක පර්ලිමේන්තුව සියලුම ආකරයන්ගෙන් වට කොට පාර්ලිමේන්තුව විසුරුවා මිස එලියට නොඑන ලෙස බලකරන අරගලයකට සියලු සටන් දැන් කේන්ද්‍ර ගත කළ යුතුයි. දැන් අරගලයේ මොහොත එයයි” යනුවෙන් ලාල්කාන්ත මහතා පවසනවා.

POPULAR

Recent articles