“හැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවෙනවා” – උදය ගම්මන්පිල

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා.

ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ලෙස බවයි අමාත්‍යවරයා කියන්නේ.

හැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බව ඔහු කියනවා. පවතින විදේශ විනිමය අර්බුදය නිසා විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද ආණ්ඩුව තීරණය කළ යුතු බව අමාත්‍ය ගම්මන්පිලගේ අදහසයි.

මේවන විටත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබනවා. ඒ සඳහා දැන්වීම් ද ඇතැම් ඉන්ධන පිරවුම්හල වල ප්‍රදර්ශනය කර තිබෙනවා.

POPULAR

Recent articles