ලාංකිකයින් ලක්ෂ 02ක් ගිහින්

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208 772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහසකට අධික වනවා.

වසරේ මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2 858 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ මේ මාසය තුළ ශ්‍රමිකයින් 480 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව හා තවත් 130 දෙනකු කොරියානු රැකියා සඳහා පිටත්ව යන බවයි.

තව ද වසර අවසාන වන විට සමස්ත ශ්‍රමිකයින් 5 000ක් කොරියානු රැකියා සඳහා යොමු කිරීම බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles