”වී ගන්න සල්ලි නෑ” – කෘෂිකර්ම ඇමති

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඔහු සඳහන් කර සිටියේ මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කරන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

වී මිලදී ගැනීම සඳහා බිලියන දෙකක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකු දෙකෙන් ඉල්ලා ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා එහිදී කියා සිටියා.

සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ගොවීන්ට අවශ්‍ය බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ලබාදීමට පියවර ගන්නා බවයි.

POPULAR

Recent articles