IDH රෝහලට ඇතුළත්වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව දැනට වාර්තා වන කරුණු අනුව ඉදිරි සති දෙක තුළ විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා විය හැකි බව වෛද්‍ය හසිත අත්තනායක වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles