ආසියානු කුසලානයේ පෙරමුණ ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන පළමු ස්ථානයේ සිටින අතර ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන පාකිස්ථාන කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය සුපිරි 4 දෙනාගේ වටයේ ඔවුන් මුහුණ දුන් තරඟ දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ තුන හා 4 ස්ථානවල රැඳී සිටිනවා.

ඊයේ (06) පැවති ඉන්දියාව සමඟ තරඟය ජය ගැනීමත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles