උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එම වාර්තාවට අනුව 45.3% ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් 27.3% ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් 18.1% ක දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 58% ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 34.2% ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

POPULAR

Recent articles