ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුල්වීම වැලැක්වීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර ඇතැයි ‘ද හින්දු පුවත්පත’ වාර්තා කරනවා.

එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂකයන් ඉන්දීය මුහුදු සීමාවේ සිදුකරන මුර සංචාර වැඩි කරමින් ආරක්ෂාව තරකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහල හා මුස්ලිම් ජාතිකයන්ද ඉන්දියාවට සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් පැමිණීමට ඉඩ ඇති අතර වටරැක බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් 50දෙනාද ආරක්ෂක අංශ වලින් පැන යාම සඳහා ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇති බැවින් මෙසේ ආරක්ෂාව තර කළ බව තමිල්නාඩු පොලිසිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

වෙරළාශ්‍රිත දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට යාත්‍රා පැමිණ නතර කරන ස්ථාන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇතැයි තමිල්නාඩු පොලිසිය ප්‍රකාශ කරනවා.

සරණාගතයින් සමග තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ද පැමිණීමට ඉඩ ඇති අතර අවි, මත්ද්‍රව්‍ය හා අනිකුත් නීති විරෝධී ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇතැයි ඉන්දීය පොලිසිය සැක පළ කරනවා.

POPULAR

Recent articles