ටාටා හි හිටපු සභාපති රිය අනතුරකින් මිය යයි

ටාටා සන්ස් හි හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි (Cyrus Mistry) ගුජරාට් හි උද්වාඩා සිට මුම්බායි බලා යමින් සිටියදී රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

ඒ ඊයේ (04) ඉරිදා දිනයේ යි. ඔහු සමඟ මෝටර් රථයේ සිටි තවත් පවුලේ මිතුරන් තිදෙනෙකු වන ඩේරියස් සහ ජෙහන්ගීර් පැන්ඩෝලේ සහෝදරයන් සහ ඩේරියස් පැන්ඩෝලේගේ බිරිඳ අනහිතා පැන්ඩෝලේ ද අනතුරට ලක්ව තිබෙනවා.54 හැවිරිදි සයිරස් මිස්ට්‍රි සහ ජෙහන්ගීර් පැන්ඩෝලේ මෝටර් රථ අනතුරින් එම ස්ථානයේ දී ම මිය ගොස් සිටි බවයි කියන්නේ. 55 හැවිරිදි අනහිතා සහ ඇගේ සැමියා 60 හැවිරිදි ඩේරියස් රෝහල් ගතකර තිබෙනවා.

රටේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ටාටා හි හිටපු සභාපතිවරයාගේ මරණය ව්‍යාපාරික ලෝකයට විශාල පාඩුවක් ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

54 හැවිරිදි මිස්ට්‍රි 2016 දී ටාටා සභාපති ධුරයෙන් නෙරපා හරින ලද්දේ ඔහුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කරමින්. ඔහු වෙනුවට ඉන් පසුව සභාපති ලෙස පත් කළේ රතන් ටාටා යි. එම ඉවත් කිරීම පිළිබඳව දීර්ඝ කාලීන නීතිමය සටනක් ඇවිලවූ අතර, අවසානයේ ඉන්දියාවේ ඉහළම අධිකරණය රතන් ටාටාට පක්ෂව තීන්දුවක් දුන්නා.

POPULAR

Recent articles