ජාතික ආරක්ෂාවට අත තැබීමට ආණ්ඩුව සැරසෙයි

ජාතික ආරක්ෂාවට පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා වන මූලික කෙටුම්පතක් සකස්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම නීති සම්පාදනයේ දී ඔවුන් පවසන ‘ත්‍රස්තවාදයේ සහ ප්‍රචණ්ඩ අන්තවාදයේ නව මානයන්’ සම්බන්ධ විධි විධාන හඳුන්වා දීමට නියමිතව බවයි වාර්තා වන්නේ. ඒ සඳහා පවතින නීතිවල දුර්වලතා මගහරවා ගැනීමටත්, එවැනි ක්‍රියාවලට මුහුණදිමටත්, නීතිය බලාත්මක කිරීමටත්, විමර්ශන හා අධීක්ෂණ මෙවලම් ශක්තිමත් කිරීමටත් පුළුල් ජාතික ආරක්ෂක පද්ධතියක් බලාත්මක කරනු ඇති බවයි කියන්නේ. මෙම ජාතික ආරක්ෂක පද්ධතිය බලාත්මක කිරීමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නිර්දේශ සැලකිල්ලට ගන්නා බව ද රජය පවසනවා.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රමිති සහ නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වා දීමට මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කෙරෙනවා.

POPULAR

Recent articles