”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන්න” – Amnesty International

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සහ සිවිල් සංවිධාන රැසක විරෝධය එල්ලවී තිබෙනවා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) නිවේදනය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

18වෙනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබුණා. ඒ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය රජයට දැනුම් දී ඇත්තේ විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙසයි. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබෙනවා.

POPULAR

Recent articles