ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි

ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙසේ බ්‍රිට්නි හිගන්ස්ගෙන් සමාව ඇයැද සිටියේ පාර්ලිමේන්තුවට එම සිදුවීම ගැන නැවත නැවතත් සිහිපත් කරමිනි.

කෙසේ වුවද තමන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වුණු බව බ්‍රිට්නි හිගන්ස් චෝදනා කළේ මීට මාස කීපයකට පෙරයි.

එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, එහිදී අනාවරණය වූයේ බ්‍රිට්නි හිගන්ස් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ කුමන හෝ ආකාරයේ ලිංගික හිරිහැරයකට ලක් වී ඇති බවයි.

එමෙන්ම සමාව ඉල්ලමින් අග්‍රාමාත්‍ය මොරිසන් පොරොන්දුවක් වූයේ බ්‍රිට්නි හිගන්ස් මුහුණ දුන් ආකාරයේ අමිහිරි අත්දැකීමක් වෙන කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකාවකට අත්විදින්න ඉඩ නොතබන බවයි.

බ්‍රිට්නි හිගන්ස්ට සිදුවුණු ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles