චීන රොකට්ටුව සාර්ථක වෙයි

ඊයේ (03) සිදුකළ චන්ද්‍රිකාව සහිත රොකට්ටුවේ අභ්‍යවකාශ ගත කිරීම සාර්ථක වූ බව චීනය පවසනවා.

චීනය Yaogan-33 02 චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච් 4C වාහක රොකට්ටුවක් මතින් වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළා. ඒ සෙනසුරාදා බීජිං වේලාවෙන් පෙ.ව. 7:44 ට. ඒ අනුව, මෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියනවා.

එය විද්‍යා අත්හදා බැලීම්, ජාතික ඉඩම් සම්පත් සංගණනය, කෘෂිකාර්මික නිෂ්පාදනවල අස්වැන්න ඇස්තමේන්තු කිරීම සහ ආපදා වැළැක්වීම සඳහා යොදා ගැනීමට නියමිතයි. මෙම දියත් කිරීමත් සමග ලෝන්ග් මාර්ච් මාලාවේ වාහක රොකට්ටුවේ 435 වැනි ගුවන් ගමන සනිටුහන් කරනු ලැබුවා.

POPULAR

Recent articles