පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට කඩිනමින් අනුමැතිය ලබාදීමට උපදෙස්

දැනට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති සඳහා කඩිනමින් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙමගින් දැනට පවතින විදුලි හිඟය පියවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

රටේ පවනින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීම සඳහා අඛණ්ඩව විදුලිය ලබාදීමට හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

POPULAR

Recent articles