”කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක් හිඟයි” – රෝහල් අධ්‍යක්ෂ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය පවසනවා.

මේ තත්වය නිසා විදේශීය දානපතීන්ගෙන්ද ඖෂධ ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අධ්‍යක්ෂවරයා ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව කියා සිටිනවා.

එමෙන්ම ඔහු පවසන්නේ ඖෂධ ගණනාවක්ම විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බවයි.

මේ අතර දිවයින පුරා රෝහල්වල ත්‍රිපෝෂවලද බරපතළ හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද විජලනයෙන් වැළකීම සඳහා ලබා දෙන ජීවනිවලද හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසනවා.

POPULAR

Recent articles