“ජනාධිපතිවරයාගේ ‘පුංචි නිවස’ ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක්” – මහින්දානන්ද අලුත්ගමගේ

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිවරයාගේ ‘පුංචි නිවස’ ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කියන අලුත්ගමගේ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවයි පවසන්නේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරුවෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න ජනතාවට අයිතියක් තිබෙන බව ඔහු කියනවා.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයාගේ අදහසයි.

POPULAR

Recent articles