ඩලස් පිල හා සජිත් පිල එක් තීරණයක

අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියා. එය එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද තහවුරු කළා.

පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් විසින් මේ බව තහවුරු කරනු ලැබුවා.

මේ අතර ජාතික ජන බලවේගය පැවසුවේ අද දහවල් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සිය තීරණය හෙළිකරන බවයි.

POPULAR

Recent articles