“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා.

ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ පැවති හමුවක දී මෙරට ජපන් තානාපති Mizukoshi Hideaki මේ බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකාවට ආධාර ලබා දීම පිළිබදව පසුකාලීනව ජපානය සලකා බලනු ඇති බවයි තානාපතිවරයා පවසා ඇත්තේ.

POPULAR

Recent articles