අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනීට පැය හතක සැත්කමක්

අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී හට කොළඹ ජාතික රෝහලේ දී අද (04) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා ඉල ඇට හානි සිදුව ඇති බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.

ශල්‍යකර්මයෙන් පසු ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියා.

චිත්‍රපටයක රූගත කිරීමකට අනුරාධපුරය ප්‍රදේශයට ගොස් සිටි ජැක්සන් ඇන්තනී ගමන්ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටී ඇති අතර, පසුව එම අලියා කැබ් රථය මතට ඇද වැටීමෙන් ඉකුත් සෙනසුරාදා (02) මෙම අනතුර සිදු වී තිබුණා.

අනතුරින් ජැක්සන් ඇන්තනී ඇතුළු එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් මුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කරුණු අතර පසුව ඔහු ඊයේ (03) දිනයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

POPULAR

Recent articles