මින් පසු රජයට ඉලෙක්ට්‍රික් වාහන පමණයි

රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙම ප්‍රතිපත්තිය අනුව විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවයේ කාර්යයන් සඳහා මිලදී ගනු ලබන බවත්, පෞද්ගලික අංශය සඳහාත් මෙවැනි වාහන භාවිතය සඳහා උනන්දු කරවනු ලබන බවයි.

රාජ්‍ය අංශය වෙත වාහන මිලදී ගැනීමේදී වාහනවල කාර්යක්ෂමතාවය හා මිල ගණන් සැලකිල්ලට ගෙන සුදුසු වාහන කාණ්ඩයක් තීරණය කරනු ලබන බවත්, මේ යෝජනාව පියවරෙන් පියවර ක්‍රියාත්මක කර 2026 ජනවාරි වනවිට නිම කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles