ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසාදැමේ

කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමත් සමඟ චීනය ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ Huaqiangbei හි පිහිටා ඇති ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොලයි.

එම නගරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් එරට පාලානාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Huaqiangbei නගරයේ මිලියන 18ක පමණ පිරිසක් වෛරස පරීක්ෂාවන් සදහා යොමු කර ඇති බවයි.

මේ අතර පසුගිය සඳුදා හොංකොං හි නව රෝගීන් 8,488 ක් වාර්තා වූ අතර එය මෑත මාසවල කොවිඩ් – 19 වෛරසය ශරීරගතවූවන් වාර්තා වූ දෙවන විශාලම කොවිඩ් පොකුර වනවා.

POPULAR

Recent articles