”දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නෙවෙයි” – සාගර කාරියවසම්

රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ වෙනුවෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම සහයෝගය දෙන බවයි ඔහු කියන්නේ.

ජාත්‍යන්තරය සහ රටේ ජනතාව පිළිගන්නා දේශපාලන ස්ථාවරයෙන් යුත් රජයක් පිහිටුවීම පාදක කරගෙන පමණක් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍ය ධුර සංඛ්‍යාවක් හෝ වෙනත් දේ ගැන කථා නොකළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින බව කී කාරියවසම් මන්ත්‍රීවරයා අරගලයට මුල් වූ ප්‍රශ්නවලට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වන විට පොහොට්ටුව සමඟ නොමැති බවයි පවසන්නේ.

POPULAR

Recent articles