මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය ගැන සමීක්ෂණයක්

මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය සොයා බැලීම සඳහා ළමුන් 300 කගේ දත්ත එක්රැස් කරමින් සමීක්ෂණයක් සිදුකරමින් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටිනවා.

ඔහු සඳහන් කරන්නේ මෙරට ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන බවට මීට පෙර හඳුනා ගැනුණේ යුද්ධය පැවැති අවස්ථාවේදී බවයි.

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා, මව්පියන් පෝෂණය සම්බන්ධයෙන් වන දැනුම වර්ධනය කර ගැනීම මේ මොහොතේ වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙනවා.

මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීමට හැකි පහසුකම ක්‍රමය ඔවුන්ගේ හැසිරීම් රටාවේ සිදුවන වෙනස බව ද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටිනවා.

POPULAR

Recent articles