තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ 54 %යි එන්නත් මිලියන 8ක් කල් ඉකුත් වෙයි

ආනයනය කළ ෆයිසර් එන්නත් මිලියන 8 ක් ලබන මසදී අගදි කල් ඉකුත් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.ඔවුන් පෙන්වා දෙන්නේ අවුරුදු 20 වැඩි පුද්ගලයින් සඳහා කොරෝනා මර්දන එන්නත් තුන්වන මාත්‍රාව ලබා දිමට ෆයිසර් එන්නත් මිලියන 14 ක් දිවයිනට රැගෙන ආ බවයි. \

වයස අවුරුදු 20ට වැඩි පිරිසෙන් මෙතෙක් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 54 ක ප්‍රමාණයක් පමණයි. ඒ හේතුවෙන් එන්නත් මිලියන 8 ක් ඉතිරි වී තිබෙන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

මේ අතර මෙරට ඖෂධ හිඟයක් ඇතිවීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිළධාරින්ගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය බවට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති වෛද්‍ය ගිශාන්ත දිසානායක කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මාස කිහිපයකට පෙර මෙරටට ගෙන්වු ඖෂධ වලද මිළ ගණන් ද අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බවයි.

POPULAR

Recent articles