ලංවිම සේවකයන් අඩකින් අඩු කළ හැකියි

ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ සේවකයන්ගේ කාර්යක්ෂතාව වැඩි කිරීමෙන් මෙය සිදුකළ හැකි බවත් අකාර්යක්ෂම සේවකයන් හේතුවෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවත් ඔහු පවසයි.

POPULAR

Recent articles