එක්ස්ප්‍රස් පර්ල් රක්ෂණ සමාගමෙන් තවත් ලක්ෂ 9110ක වන්දියක්

2021 වසරේදී සිදු වු එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ජීවිකාව අහිමි වු ධිවර කාර්මිකයන්ට වන්දි ගෙවීම සදහා 3 වන අතුරු වන්දි මුදල වශයෙන් රුපියල් ලක්ෂ 9110ක මුදලක් නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත.

ඒ අනුව මෙම මුදල ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවර කාර්මිකයින් 15,032 දෙනෙකු අතර බෙදාදීමට කටයුතු කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබා දෙන ලදි. මීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය වෙතින් ලද රු. ලක්ෂ 3480 ක් සහ රු. ලක්ෂ 3350 ක් බැඟින් වු අතුරු වන්දි මුදල් ධීවර ජනතාව වෙත බෙදා දීමට ලබා දී ඇත.

POPULAR

Recent articles