අධිවේයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග භාවිතාකරන රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී මාර්ග නඩත්තු ඒකකය විසින් රියදුරන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම දැනුවත් කිරීම අද (02) දිනයේ අධිවේගී මාර්ගයේ ඩිජිටල් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර තිබුණා.

POPULAR

Recent articles