ජනාධිපතිගේ බෙඩ්ෂීට් එක ගත්ත කෙනාත් රිමාන්ඩ්

ඉකුත් ජූලි මස 9 වැනි දා මහජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි වූ ඇඳ ඇතිරිල්ලක් රැගෙන ගියේ යැයි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණා. අද(26) එම සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමයේ තීරණය කළා.

ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදීයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධ කරුණු සලකා බලා අදාළ සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

POPULAR

Recent articles