තවත් පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට සැලසුම් කර ඇති සර්ව පාක්ෂික සමුළුව තවත් පක්ෂ කිහිපයක්ම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයද එම සමුළුව වර්ජනය කිරීමට තීරණය කොට ඇති බව ප්‍රකාශ කරනවා.

ඒ සමඟම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කිලනාදන්ද ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි කියන්නේ.

POPULAR

Recent articles