බිත්තර වෙළෙඳුන් 64 කට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් වනවා.

පවතින තත්ත්වය යටතේ එම පාලන මිල ප්‍රයෝගික නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ එකමුතුව චෝදනා කළ අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියා.

POPULAR

Recent articles