මෙතෙක් ගෙන්වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවීමෙන් ලිට්රෝ සමාගම අර්බුද රැසක

ලිට්රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා.

සමාගම විසින් මේ දක්වා මාර්තු මාසයට අවශ්‍ය කෙරෙන ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇනවුම් කොට නොමැති බවයි කියන්නේ. සාමාන්‍යයෙන් මසකට අව්‍යාශ තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කිරීම මෙතෙක් පවතී ක්‍රමය වුණා. එහෙත් ලිට්රෝ සමාගම මාර්තු මාසය සඳහා අවශ්‍ය ඇනවුම් ලබාදීමට කටයුතු කර නැහැ.

මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිඟවීම අනිවාර්යය බව සමාගම් අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරන බව මාධ්‍ය වාර්තා කරනවා.
රට තුළ උද්ගතව පවතින ඩොලර් හිඟය නිසා මෙතෙක් ගෙන් වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවීමෙන් මේ දිනවල දිවයින පුරා ගැස් බෙදාහැරිම කඩින් කඩ අඩාල කරමින් සමාගම අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බවයි කියන්නේ.

POPULAR

Recent articles