”ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා” – කංචන විජේසේකර

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විරෝධතා දැක්වීමේ අයිතියට තමන් අභියෝග නොකරන නමුත් ඛනිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සිදුකරන බවයි ඇමතිවරයා කියන්නේ.

ඔහු පවසන පරිදි සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති අදාළ සැලසුම්වලට විරෝධය පළ කරනවා. සියලු වෘත්තීය සමිති හමුවී අදාළ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළ බවත් එහිදී මෙහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

විරෝධතා පැවැත්වීමට ඔවුන්ට ඇති අයිතියට අභියෝග නොකරන නමුත් ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යූහගත කළ යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි අමාත්‍යවරයා වදාරණයෙන් පවසන්නේ.

POPULAR

Recent articles