අද රටේ ප්‍රශ්න වලට හිට්ලර් වගේ නායකයෙක් ඕනි – ඉඩම් ඇමති

අද පවතින ප්‍රශ්න දිහා බැලූවිට මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පවසා තිබුණා.

සමහරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් වැනි නායකයකු ලෙස හඳුන්වන බව පැවසූ අමාත්‍යවරයා ඔහු එවැනි පන්නයේ අයකු නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බව සඳහන් කළා. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොවේ නම් ධාවනය වෙන දුම්රිය එහි මගීන් සමඟ මග නවතා ගෙන සිටින වෘත්තීය සමිති මේ රටේ තිබෙන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්න කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැහුවත් කුමන විවේචන කළත් ඔහු දක්ෂ අවංක නායකයකු බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවත් චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ අදහසයි.

POPULAR

Recent articles