“මේ රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියෙනවා” – රෝහිත අබේගුණවර්ධන

ආණ්ඩුව මීළඟට බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා ගැටයක් ගසමින් සිටින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කියා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර න්නේ ආණ්ඩුව ව්‍යවස්ථා වෙනසක් සිදුකරන බවයි.

අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා :

“ජනාධිපති ඡන්දයට අඩු වශයෙන් අවුරුදු දෙක හමාරක් තියෙනවා. දැන් ආණ්ඩුව අලුතින් ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියලා පත්තරවල තිබුණා. මට පේන විදිහට ඊළග බලය සඳහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න හදන්නේ කියලා මට පේනවා. ඒ නිසා අපිට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් කියලයි මම හිතන්නේ”

ඊය ප්‍රතිචාර දැක්වූ වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන :

“කොහොමත් ලබන අවුරුද්ද වෙනකොට පළාත් සභා මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඔව් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මේ රටේ තියෙනවා. බොහොම පැහැදිලිව අපි මැතිවරණ කාලසීමාවෙදිත් කිව්වා. ජයම්පති වික්‍රමරත්නව තියාගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕන කියල අවුරුදු පහක් පොල් ගෑවා. එදා තිබුණු ව්‍යවස්ථාවට වඩා රට එන්න එන්න වෙනස් වෙනවා. ඒකට ගැලපෙන විදිහට සියලුම ජාතින් සියලුම ආගම් සියලුම දෙනාට එකසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන ව්‍යවස්ථාවක් මේ රටේ නිර්මාණය විය යුතුයි.”

POPULAR

Recent articles