සරත් වීරසේකර 21ට විරුද්ධයි

යෝජිත 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන කරුණු එයට ඇතුළත් වීමයි.

19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති වීරසේකර මන්ත්‍රීවරයා ඒ ආකාරයටම මෙවර 21වෙනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බවයි කියා ඇත්තේ.

රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකඟ නැතැයි ද නැතැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

POPULAR

Recent articles